බෞද්ධ දර්ශනය කිසිදු විශ්වවිද්‍යාලයකින් කපා දමා නැහැ – විජයදාස රාජපක්ෂ මහතා

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, බෞද්ධ දර්ශනය කිසිදු විශ්වවිද්‍යාලයකින් කපා දමා නැති බවයි.

බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු නොවීමත් ගැටළුවක් වී තිබෙන බව කී අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. පාලි, සංස්කෘත වැනි විෂයන් සඳහා අවශ්‍ය සිසුන් ප්‍රමාණවත්ව නොමැති වීමෙන් z ස්කෝර් මට්ටමට වඩා පහළ මට්ටමේ සිසුන් ගැනීමට ද සිදුව තිබූ බවත් එම තත්ත්වය විසඳීමට ක්‍රමවේදයක් තීරණය කිරීමට සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Exit mobile version