2017 ජාතික කලා මහෝත්සවය ලබන 29 දා සිට

2017 ජාතික කලා මහෝත්සවය ලබන 29,30 හා ඔක්තෝබර් 01 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරනු ලැබේ.

දීප ව්‍යාප්තව ඇති සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ සේවය ලබන දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අගය කරමින් ඔවුනට වේදිකාවක් තනාදීමත් හා ඇගයීමට ලක් කිරීමත් එය සමාජ ගත කිරීමේ අරමුණින් මෙය පැවැත්වේ.

Exit mobile version