සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලෙස ස්ථාපිත කෙරේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්විනි.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලෙස ස්ථාපිත කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැදගත් කොටසක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සිදු කෙරුණත් නාමිකව ප්‍රදර්ශන පුවරුවක් මගින් නම් කිරීම අද දින සිදුකරන බවත් මෙම ආයතනය පසුගිය කාලය පුරා  ජනතාවට සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා  විශාල සේවාවක් සිදු කර ඇති බවත් ය.

 

Exit mobile version