ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 08 යි ග‍්‍රෑම් 560 සමඟ පුද්ගලයකු වවුනියාව පුලියන්කුලම පොලිස් ස්ථානය අසලදී අත්අඩංගුවට ග‌ෙන ඇත.

යාපනය සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙන යමින් තිබියදී ම‌ෙ‌සේ අත්අඩංගුවට ගත් බවයි පුලියංකුලම පොලිසිය පැවසු‌වේ.

පොලිසිය පැවසූවේ සැකකරු විසින් යාපනය ප‍්‍රදේශයේ සිටින ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන කතරගම ප‍්‍රදේශයට රැගෙනයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

සැකකරු වයස අවුරුදු 51 පුද්ගලයකු ව‌ෙ‌යි.

සැකකරු හා කේරළ ගංජා වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Exit mobile version