පළාත් කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වලමි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

මීගමුව සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිටපොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැකි අතර, මීගමුව සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

Exit mobile version