සයිටම් විරෝධි පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මේ වන විට පාර්ලි‌මේන්තුව අවට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින අතර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන්  මාර්ගයේ ගමන් කළ ජනතාවද දැඩි අපහසුතාවට ලක් විය.

පාර්ලිමේන්තුව අවට මේ වන විට පොලීසිය හා කැරළි මර්දන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර ඇත.

Exit mobile version