යතුරුපැදි අලෙවිසලක් තුළ ගින්නක් – යතුරුපැදි 21 කට දැඩි ලෙස අලාභ

වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී යතුරුපැදි අලෙවිසලක් තුළ ගින්නක් ඇති වී තිබෙන බව වවුනියාව පොලීසිය පවසයි.

ම‌ෙම ගින්‌නෙන් අලෙවිසැල තුළ තිබූ යතුරුපැදි 21 කට ගිනි ගෙන තිබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව ඇත.

යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු අද (25) උදෑසන අලෙවිසැල විවෘත කර බැලීමේදී යතුරුපැදිවලට ගිනිගෙන තිබෙනු දැක ඇති අතර පසුව එම අවස්ථාවේදීම වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

Exit mobile version