දකුණ‌ේ බස් වර්ජනයට විසඳුම් ලබා න‌ොද‌ෙන්‌නේ නම් අධිවේගයත් එක්කර ගන්නා බවට ලකුණු

දකුණු පළාත් දුර ගමන් ‌සේවා ප‌ෞද්ගලික බස් රථ ස‌ේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නවතා දමන ල‌ෙස ඉල්ලා සිටින බවත් එස‌ේ න‌ොවන්නේ නම් රියදුරු සහ ක‌ොන්ද‌ොස්තරවරුන්ට නිකුත් කර ඇති බලපත්‍ර අහ‌ෝසි කිරිමට කටයුතු කරන බව ජාතික ක‌ොමිෂන් සභාව පවසයි.

ක‌ෙටි දුර ධාවන බස් නැවතුම්වල දුර ගමන් ස‌ේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා න‌ොදීමට විර‌ෝධය පළකරමින් දකුණු පළාත් දුරගමන් ස‌ේවා බස්රථ ඊය‌ේ (25) ආරම්භ කළ ම‌ෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

තම ගැටළුවලට විසදුම් ලබාදීමට ක්‍රියා නොකරන්නේ නම්, අධිවේගී මාර්ග බස් රථ සේවකයින්ගේ ද සහාය ලබා ගනිමින් අඛණ්ඩ වර්ජනයකට යොමු වන බව මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ප්‍රකාශ කරයි.

Exit mobile version