බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයෙන් ලක්ෂ 130ක කොකේන් ගුලි

කොකේන් ගුලි කිහිපයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් එම ගුලි ලබා ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබෙන බවට වාර්තා වෙයි.

මෙම කොකේන් ගුලි රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 500 කට අධික බරකින් යුක්ත වෙයි.

මෙම බ්‍රසීල ජාතිකයා ඊයේ (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොහු පිළිබඳව කළින් ලැබී තිබූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.

Exit mobile version