Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීම අද

අවම විමෝචන මට්ටම් සහිත ජාත්‍යන්තර තලයේ Euro 4 ඉන්ධන මෙරටට හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (02දා) කටයුතු කර ඇත.

රට තුළ භාවිත වන ප‍්‍රධාන බලශක්ති ජනන නිෂ්පාදන යුරෝපා වායු විමෝචන ප‍්‍රමිතීන් සමග සමපාත කිරීම සඳහා රජය දරන උත්සාහයට මෙය මනා රුකුලක් ව‌ෙ‌යි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, යූරෝ ෆෝ වර්ගය යටතේ පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකම වෙළඳපොලෙන් කලින් පැවති මිලටම ලබා ගත හැකි බවයි.

Exit mobile version