බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් ගැටළු ගැන සාකච්ඡාවක් ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්

ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ කඩිනම් වැඩසටහන යටතේ ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචි වී සිටින පවුල් වෙනුවෙන් ඔප්පු ලබා දීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනක් බද්දේගම නගර ශාලාවේදී පැවත්විණ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

එහිදී ප්‍රදේශයේ ජනතාවට පවතින ඉඩම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ඉඩම් අමාත්‍යවරයා මැදිහත් විය.

Exit mobile version