පොලිස් කොස්තාපල්වරයෙකු සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන දිවිනසා ගනී

පොලිස් කොස්තාපල්වරයෙකු අද (03දා) දහවල් රාජකාරි කරමින් සිටියදී සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ම‌ෙ‌සේ සියදිවි හානි කරගෙන තිබේ.

ඔහුගේම ගිනිඅවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇති අතර වෙඩි තබාගැනීමෙන් පසුව බරපතළ තත්ත්වයේ සිටි පොලිස් නිලධාරියා රෝහලගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිත්ක්ෂයට පත්ව තිබේ.

Exit mobile version