අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හම්බන්තොට නැව් නැති වරායක් අප නැව් එන වරායක් බවට පත් කළා. හම්බන්තොට ඉදිරියේ දියුණු වරායක් බවට පත් වේවී යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට සම්බන්ධ හම්බන්තොට වරාය පිළිබඳව අද (5) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කළේ ය.

”චින රජය කිසිදු බලපෑමක් එල්ල කර තිබුණේ නෑ. චීන සමාගම්වලින් විවෘත යෝජනා කැඳවනු ලැබුවා. මහින්ද රාජපක්ෂ පාලනය ණය වෙලා නැව් නැති වරායක් හැදුවා. අප නැව් එන වරායක් බවට පත් කළා. හම්බන්තොට ඉදිරියේ දියුණු වරායක් බට පත් වේවී. වරාය වෙනත් යුද කටයුතු සඳහා යොදවන්නේ නෑ. අපේ ස්ථාවරය ඉතාම ස්ථාවර ලෙස ප්‍රකාශ කළා. ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන්තොටපලක් තිබෙනවා. ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා. ඉදිරියේ දී මත්තලටත් ගුවන් යනා එන බවට විශ්වාසයක් තිබෙනවා. ඉන්දියාව හා චීනය සමඟඅගමැති කටයුතු කරන්නේ ස්වාධීන රාජ්‍ය හැටියටයි. අපේ ණය බර අඩුවෙලා. සංචිතය වැඩි වෙලා තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version