සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෙරොයින් තොගයක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 103 කට වැඩි හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකදී සොයාගැනීමට හැකි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, පාර්සල් 96 ක තිබූ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1248 ක් පමණ වන බවයි.

කළුබෝවිල සහ සුභූතිපුර ප්‍රදේශවලින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

ඒ සමඟම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version