බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දශක 3 කට වැඩි කාලයකට පසුවයි මෙලෙස වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ.
අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් මිලියන 2 ක ජනතාවක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය විදෙස් සංචාර ද අවලංගු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.