ජනපති ප‍්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි 13 වන මහලේ පැවති නව සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය ද සනිටුහන් කළේය.

බස්නාහිර පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ සහ ආයතන එකම ගොඩනැගිල්ලක් යටතට ගෙන එමින් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සහ නවීන තාක්ෂණයෙන් සමන්විතව මම නව ගොඩනැගිලි සංකීර්ණය ස්ථාපිත කර තිබේ.

Exit mobile version