මරණ දඩුවම් නියම වූ ලැයිස්තුවේ මුල්තැන කාන්තාවක් – අමාත්‍ය තලතා අතුකෝරළ

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයේදී අද (16දා) එක් වූ අවස්ථාවේදීය.

මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන් වීම පිළිබඳව කනගාටු වෙනවා. දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබඳව දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිවුවා. ඒ ලැයිස්තුව ඉල්ලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක් බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version