රාජ්‍ය ආයතනවල ඵලදායිතාව වැඩිකිරිමෙන් ජනතාවට හොඳ සේවාවක් ලබා දිය හැකියි

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රජයේ සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කළේ, ඔවුන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් බවත් එබැවින් තම ආයතනවල ඵලදායිතාව වර්ධනය කොට මහජනතවට යහපත් සේවයක් සැලසිම සියලුම රජයේ සේවකයින්ගේ වගකීම බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවිර මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ”ඵලදායිතාව ප්‍රවර්ධන මාර්ගෝපදේශ සංග්‍රහය” එළි දැක්විම නිමිත්තෙන් කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිලිලේ ඊයේ (16) පැවැති උත්සවයේදීය.

මේ වන විට සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 2කට අධික මුදලක් ඇත. සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ රුපියල් බිලියන 280ක් පමණ තිබෙනවා. මේවා පාලනය වන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. මේවා මහජනතාවගේ මුදල්. ඒ මුදල් හිමි මහජනතාවට සේවය කිරිම මේ සැම දෙනාගේම යුතුකමක්. අපි අපේ රාජකාරිය හරියට කරනවාදැයි හදවතට තට්ටු කොට විමසා බැලිය යුතු යැයිද ඇමැතිවරයා මෙහිදි කිය.

රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඵලදායිතාව වර්ධනය කිරිම මඟින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිමට රජයේ සේවකයින්ට හැකි බව පැවැසිය. සිංගප්පුරුව, ජපානය හා කොරියාව ආදී රටවල් අද විශාල ලෙස දියුණුවි ඇත්තේ ඵලදායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරිම නිසා බව ද ඵලදායිතා වර්ධනයය කිරිමෙන් ජනහිතකාමි රාජ්‍ය සේවයක් ඇති කල හැකි බවද ඇමැතිවරයා කිය.

Exit mobile version