93 වන උදා ගම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් හෙට ජනතා අයිතියට

ජනතා අයිතියට පත්වන 93 වන උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සිරිබෝපුර ඉදිවූ සෙන්පති ඛඤ්ඡදේවගම ජනතා අයිතියට පත් කිරීම හෙට (18) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

මෙහි මුළු නිවාස ගණන 34ක් වන අතර මෙම ගම්මානයේ ඉදිකිරීම් 2016 දෙසැම්බර් ආරම්භ විය. මෙම නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොලී නිවාස ණය ලබාදී තිබෙන අතර ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

සෙන්පති ඛඤ්ඡදේවගම ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 2.5ක් වන අතර සෑම නිවසකටම පර්චස් 10 බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින් ද විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී එහි නිවාසලාභී පවුල් 34 සඳහා නිවාස හිමිකම්පත් ලබාදීම, ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමකින් යුතු ” විසිරි නිවාස ණය” ලබාදීම මෙදින සිදු වේ.

Exit mobile version