ඔස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරු මත ඔස්ට්‍රෙලියානු රැකියා් ලබාදෙන පවසමින් මුදල් එක් රැස් කළ මෙම කාන්තාව  බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.

මෙම සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

Exit mobile version