මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය අද

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය අද (23) සිදු කිරිමට නියමිතයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

දිවයිනේ පළාත් හතරක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසදුම් ලැබේ.

කළු ගඟ ජලාශයේ දියවර රැදවුම් උත්සවය ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.

කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තය.

රුපියල් කෝටි විසිතුන් දහසක් යොදවමින් ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ධීවර ක්ෂේත්‍රයේ මෙන්ම විදුලිබල නිෂ්පාදනයේ ද නව වෙනසක් සිදුවනු ඇත. එමෙන්ම මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වේ.

Exit mobile version