ගුරුවරුන්ගෙන් බලධාරීන්ට රතු එළියක් – එක්දින වැඩවර්ජනයකට සුදානම්

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පත්වීම දෙන මුවාවෙන් දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 අවලංගු නොකළොත් ශිෂ්‍යත්ව විභාගයේ හා උසස්පෙළ විභාගයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු – විදුහල්පති සංගම් සඳහන් කරයි.

මීට අමතරව මේ මස 26 වැනිදා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත්, ඊට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් බාරදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.

ලබන 26 වැනිදා ගුරු විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බැවින් එදිනට පැවැත්වීමට නියමිත වාර විභාගය කල් දමන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගෙන් ඇතුළු බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Exit mobile version