කුමන වනෝද්‍යානයට ඇතුල්වීම තාවකාලික නවතා දැමේ

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය සඳහා පාගමනින් පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විවෘත කර තිබූ කුමන ජාතික වනෝද්‍යානය නැවත වසා දමා ඇත.

ඊයේ (22)මධ්‍යම රාත්‍රීයේ සිට වනෝද්‍යානය මෙලෙස වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

මේ වන විට තිස් දහසකට අධික පිරිසක් කුමන වනෝද්‍යාන පිවිසුමෙන් ඇතුළු වී කතරගම පාද චාරිකාවට එක්ව තිබේ.

Exit mobile version