ලාඕසයේ ජල විදුලිබලාගාරයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් රැසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙසේ බිඳී ගොස් ඇත.
වේල්ල පුපුරායාමත් සමග විශාල ජල කදක් එතුලින් පිටව ගොස් ඇති අතර පහත් බිම්වල පිහිටි ගම්මාන 06 ක් ජලයෙන් යට වී ඇති අතර ඒ හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා පුද්ගයින් 6000 කට අධික පිරිසකට තමන්ගේ නිවාස අහිමි වී ඇත.