නීති විරෝධී පොලිතීන් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට

නීතියෙන් තහනම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් පොලිතීන් තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත් නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සමග පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ (25) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමක දී අදාළ පොලිතීන් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ෂීට්) ඇතුළු ආහාර දවටන 164,750 ක් එහි තිබී සොයා ගත් බව, මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version