නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ දෙදෙන‌ෙකු අත්අඩංගුවට

වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී නීති විරෝධීව වැලි ප්‍රවාහනය කරමින් ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙන‌ෙකු ඊයේ (30) රාත්‍රි අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේ දී සහ වැල්ලවාය කීරියගොල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් දීර්ඝකාලයක සිට වැලි ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Exit mobile version