සුරක්ෂා ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීමට සාකච්ඡා

පාසල් දරුවන්ට නොමිලේ හිමිවන සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීම, මීට පෙර හදිසි අනතුරකින් මිය ගියහොත් පමණක් ගෙවීමට තීරණය කර තිබුණි. (මේ අනුව 2017 ඔක්තෝබර් 1 දා සිට හදිසි අනතුරක් හෝ කුමන හේතුවක් මත මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීමට තීරණය කරන ලදී)

අක්ෂි හා දෘශ්‍ය ආබාධ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳවත් එකගතාවකට පැමිණීම සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

Exit mobile version