අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු ක‌රනවා – සෞඛ්‍ය ඇමති

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජිවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සදහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2016 වසරේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර රෝගී ජනතාවට විශාල සහනයක් ලබාදෙන ලදි. එහිදී විවිධ වෙළෙද නාමයන්ගෙන් යුත් ඖෂධ 272 ක මිල අඩු වී ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් වැය වෙයි. ශ්‍රී ලංකාවේ සාර්ව රාජ්‍ය අනුග්‍රහය සහිත නොමිලේ සේවාවන් පිරිනමනු ලබන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති නමුත් අපගේ රෝගී ජනතාවගෙන් පිරිසක් පෞද්ගලික අංශය වෙතින් බාහිර රෝගී ප්‍රතිකාර ලබා ගනී.
2016 වසරේ ඔක්තොම්බර් මස ඖෂධ මිල අඩු කිරීම තුලින් ඖෂධ මිල දී ගැනීමට වැය වූ මුදලින් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇස්තමේන්තු කර ඇත.
රෝග වලින් බොහෝමයක් දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වන නිදන්ගත රෝගී තත්ත්වයන් වන අතර, බෝනොවන රෝග වල වැඩිවිමත් සමග මෙම මුල්‍යමය පීඩාව පවා වැඩි වී ඇත.
Exit mobile version