පතලක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

මඩොල්සිම, පිටමාරුව ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, පතල තුළ පුද්ගලයින් පිරිසක් මැණික් ගරමින් සිටියදී ඔවුන් මතට මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

එහිදී එක් පුද්ගලයෙකු පස් කන්දට යට වී මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version