මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණි.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. රුපියල් මිලියන 2208 ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12 ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, ක්‍රිඩාපිටිය සංවර්ධනය සදහා රුපියල් මිලියන 32 ක් ලබාදීම ඇතුලූ විද්‍යාලයේ අඩු පාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිඛෙන අතර ඒ පිළිබද සිසු දරුවන්ගේ ප්‍රණාමය මෙහිදී ජනාධිපතිතුමා වෙත පුද කෙරිණි.