මහා පරිමාණයේ කුඹුක් දැව තොගයක් සමඟ පුද්ගලය‌ෙ‌කු අත්අඩංගුවට

පෙත්තගම්වල ප්‍රදේශයේ නීති විරෝධීව කපා අලෙවි කිරීමට සුදානම් කර තිබූ කුඹුක් දැව තොගයක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පෙත්තගම්වල ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී ම‌ෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර සැකකරු සන්තකයේ තිබී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කුඹුක් ලෑලි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සහ කුඹුක් දැව ලෑලි තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version