ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා – අයදුම්කරුවන් 355,326ක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ‌ේ, ඒ සඳහා අයදුම්කරුවන් 355,326ක් පෙනී සිටීමට නියමිත බවයි.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.
මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
සෑම විභාග අපේක්ෂකයෙකුම සිය විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳ සිටිය යුතු අතර මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල්වීමට අවස්ථාව ලබා නොදෙන බව ද  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Exit mobile version