වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැත – ජනපති

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති අතර, ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බව පවසන ජනාධිපතිතුමා, වීරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපැම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ ද වත්මන් රජය බව පවසයි.

රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන අතර, එදා කතා කළ විදුලි පුටු, ජාත්‍යන්තර යුධ අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියලු කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

Exit mobile version