ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව භූ කම්පනයක් – 91ක් මරුට

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (05) සිදුවූ භූ කම්පනය රික්ටර් පරිමාණයේ 7 ක අගයක් ගත් බවයි වාර්තා වන්නේ.

මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි.

භූ කම්පනයත් සමඟ ලොම්බොක් දිවයිනේ දහස් ගණන් ගොඩනැගිලි කඩාවැටී ඇති අතර, විදුලිය සහ ජල සැපයුමද විසන්ධි වී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ සුන්බුන්වලට යටවීමෙන් බවයි.

Exit mobile version