කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක සදහා නවීන ඇදන්

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක සදහා නවීන ඇදන් 50 ක් රෝහල්වලට බෙදාදීම පසුගියදා සිදු කෙරිනි.
ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීයි.
කළුතර මහ රෝහල, මුලික රෝහල් 03 කට, දිස්ත්‍රික් රෝහල් 05 කට, පර්යන්ත රෝහල් 03 කට සහ ග්‍රාමීය රෝහල් 05 කට මෙම ඇදන් බෙදාදීමට කටයුතු කරන ලදි. 
ඔස්ට්‍රෙිලියාවේ හිටපු තානාපතිවරයෙකු වන මයිකල් සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ලැබී ඇති මෙම ඉලෙක්ට්‍රොනික හා හයිඩ්‍රොලික් ප්‍රතිකාර ඇදන් වල වටිනාකම මිලියන 50 ක් පමණ වේ.
Exit mobile version