තායිලන්තයේ ලෙන තුළ සිර වූ දරුවන් තිදෙනෙකුට සහ පුහුණුකරුට තායිලන්ත පුරවැසිභාවය

පසුගිය ජූනි මාසයේ 23 වෙනිදා සිට දින දාහතක් තායිලන්තයේ ලෙනක් තුළ සිර වී සිටියදී ඉතා දුෂ්කර මෙහෙයුමකින් ගලවාගත් දරුවන් කණ්ඩායමෙන් තිදෙනෙකුට සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුට තායිලන්ත පුරවැසිභාවය ප්‍රදානය කර තිබේ.

දරුවන්ට සහ පුහුණුකරුට කිසිදු රටක පුරවැසිභාවය හිමි වී නොතිබුණු බව ඔවුන් පිළිබඳ කළ සොයාබැලීම්වලදී හෙළි වී ඇත.

අග්නිදිග ආසියාවේ පුරවැසිභාවය නොමැති පුද්ගලයන් 480,000ක් පමණ වාසය කරති.

මේ අනුව, තායිලන්ත පුරවැසිභාවය සඳහා යොමු කර තිබූ දරුවන්ගේ ඉල්ලුම්පත්‍ර කඩිනම් කිරීමට කටයුතු කර තිබුණි.

තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව අති භයානක මෙන්ම සංකීර්ණ මෙහෙයුමකින් පසු සියල්ලන් සුරක්ෂිතව පිටතට රැගෙන ඒමට හැකි වුණි.

Exit mobile version