හබරණ රක්‍ෂිත කැලෑ ප්‍රදේශයේ හදිසි ගින්නක්

හබරණ රක්‍ෂිත කැලෑ ප්‍රදේශයක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අක්කර 40ක පමණ භූමියක් විනාශ වී ඇත.

ඊයේ (09) රාත්‍රී 11.50ට පමණ හබරණ පොලිස් වසරේ කිලෝමීටර් 118 හා 120 කණු අතර පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයේ මෙම හදිසි ගින්න ඇතිව තිබේ.

ඒ අනුව හබරණ පොලිසියට ලද තොරතුරු මත පොලිසිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා දඹුල්ල ගිනි නිවීමේ ඒකකය, ගුවන් හා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බව සදහන් ව‌ෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. හබරණ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබේ.

Exit mobile version