ජාකර්තා ලොව වේගයෙන්ම ගිලා බසින නගරය බවට පත් ව‌ෙයි

ඉන්දුනීසියාවේ අග නගරය, ජාකර්තා ලොව වේගයෙන්ම ගිලා බසින නගරය බවට පත්ව ඇති බවට එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස නොනවත්වා සිදුවන්නේ නම් වර්ෂ 2050 වනවිට නගරය මුළුමනින් ම යටවනු ඇති බව පර්යේෂකයෝ පවසති.

ජාකර්තා නගරය නිර්මාණයවී ඇත්තේ වගුරු බිමකය. ජාවා මුහුද එහි සීමාවේ ඇති අතර ගංගා තුනක් නගරය හරහා ගලා බසී.

මේ හ‌ේතුව‌ෙන් ජාකර්තා නගරයට නිතරම ගංවතුර තත්වයන්ට මුහණපෑමට සිදු වී තිබේ.

Exit mobile version