හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේ තේ වත්තේ කොටසක් නායයාමේ භු ලක්ෂණ මතු වු නිසා එම වතුයායේ පදිංචි පවුල් 23 ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව හැටන් පොලීසිය පවසයි.
එම නායයාමේ අවධානම පවතින ස්ථානයට පහලින් වතු නිවාසවල පදිංචිකරුවනුයි මෙසේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.
එම පවුල්වල සමාජිකයන් හැටන් ෆෘට්හිල් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යයාල මඟින් ලබා දි ඇත.
නායයාමේ අවධානමට ලක් වි ඇති ස්ථානය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් විමට නියමිතය.