මාලිගාවත්‌තේ ව‌ෙඩි තැබීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට

මාලිගාවත්ත පා‌ෙලිස් වසමේ ජුම්මා හන්දිය, ල‌ොන්ඩරිය අසල මාර්ගයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් ද‌ෙද‌ෙන‌ෙකු විසින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට ව‌ෙඩි තබා පලා ග‌ොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු කාන්තාව ක‌ොළඹ ජාතික ‌රෝහල ‌වෙත ඇතුළත් කිරිමේ දී මිය ග‌ොස් තිබේ.

මෙල‌ෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ මාලිගාවත්ත ප්‍රද‌ේශය‌ේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය ක‌ොළඹ ජාතික ‌රෝහ‌ලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මාලිගාවත්ත ප‌ොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version