අදත් පළාත් කිහිපයකට වැසි – අද සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් ව‌ෙයි

ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනය‌ේ සඳහන් ව‌ෙයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි අතර මුලතිව්, වව්නියාව, කිලිනොච්ච් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (28) දහවල් 12.11 ට කලපූමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Exit mobile version