නියඟය‌ෙන් උතුරු පළාත‌ේ පුද්ගලයින් රැසකට පීඩා

උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ ඒකකයන් පෙන්වා දෙයි.

ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් සිඳී යාම හා වර්ෂාව නොලැබීම හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවටද ආපදා කළමනාකරණ ඒකකයන් හි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Exit mobile version