මින්නේරිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයින් 10 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගකට අනුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ඊයේ පස්වරුවේ හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමේන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version