පලස්තීන සරණාගතයින්ට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කරයි

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්රා නමින් හඳුන්වන මෙම ආයතනය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනය යි.

1949 වසරේ දෙසැම්බර් 8 වන දා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5කි.

අන්රා සරණාගත ආයතනය වෙනුවෙන් ලබා දෙන ආධාරවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජනවාරි මාසයේ සිට නතර කරන බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.

Exit mobile version