හක්කානි සංවිධානයේ නිර්මාතෘ ජලලූදීන් හක්කානි ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රබල ත‍්‍රස්ත කල්ලි නායකයෙකු වන හක්කානි ත‍්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ ජලලුදීන් හක්කානි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසර කිහිපයක් රෝගාතුරව සිටි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවට ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
ඇෆ්ගනිස්ථානය තුළ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් මෙහෙයවීමේ ප‍්‍රබලයෙකු ලෙස කටයුතු කල හක්කානි තලෙයිබාන් සහ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු ලෙස ඔහු සලකනු ලබනවා.
පසුගිය වසර ගණනාවක් පුරා ඇෆ්ගනිස්ථාන සහ නේටෝ හමුදාවන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප‍්‍රහාර රැසක් හක්කානි සංවිධානය විසින් මෙහෙයවා ඇති බවද සඳහන්.
ජලලුදීන් හක්කානි අසනීප තත්ත්වයට පත් වීමෙන් අනතුරුව 2001 වසරේ සිට එම සංවිධාන ජාලයේ ප‍්‍රධානියා ලෙස ඔහුගේ පුත‍්‍රයා කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Exit mobile version