පොහොර සහනාධාර බෙදාදීම පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් හ‌ෙට

2018/19 මහ කන්නයේ පොහොර නිකුත් කිරිමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් හෙට (07) දින පෙ.ව. 9.30 ට පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ය.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරු සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ප්‍රාදේශිය නිලධාරින් සහභාගි විමට නියමිතය.

Exit mobile version