මාර්ග දෙකක් තාවකාලිකව වැසේ

අද (07දා) රාත්‍රී 9.00 සිට හෙට අලුයම 05.00 දක්වා ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර පොලිස් වසම්වලට අයත් මාදම්පිටිය මාර්ගයේ වාහන ධාවන කටයුතු සීමා කිරීමට පියවරගෙන ඇති බව පොලීසිය පවසයි.

ජලනල එළීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ නිසා එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව මෝදර පොලිස් වසමේ මහවත්ත පාර, ධවලසිංහාරාම මාවත සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල මාර්ගය භාවිත කළ හැකිය. මේ අතර බොරුල්ල පොලිස් වසමේ ගෝතමී මාර්ගයෙහි ද අද රාත්‍රී 10.00 සිට 10දා අලුයම 05.00 දක්වා සහ (14දා) රාත්‍රී 10.00 සිට (17දා) අලුයම 05 දක්වාද වාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ගෝතමී මාර්ගය ඔස්සේ ධාවනය වාහන රාජගිරිය මොරගස්මුල්ල මාර්ගය ද ශ්‍රී වජිරවංශ පාර ඔස්සේ ධාවන වන වාහන මොරගස්මුල්ල මාර්ගයට ධාවනය කළ හැකි බවද පොලීසිය වැඩිදුරටත් පවසා සිටියි.
.
.

Exit mobile version