අමල් කරුණාසේකර මහතාට ඇප

හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

Exit mobile version