නීතිවිරෝධී ලෙස වැලි, පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වැලි සහ පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව ආයිකුලම් හා මුරුගන්වූන් ප්‍රදේශවලදීයි.

වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

වව්නියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Exit mobile version