ගංජා හේනක් වටලයි – සැකකරු සමඟ ගිනි අවියක් අත්අඩංගුවට

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මෙරට නිශ්පාදිත ගිනි අවියක්ද සමගින් අත්අඩංගුවට ගැනීමට තංගල්ල හා මාතර දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන්ඊයේ (10) පස්වරුවේ සමත් විය.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සැකකරු ලුණුගම් ව‌ෙහෙර රක්ෂිතය තුළ අක්කරයක ප්‍රමාණයක ඉඩමක මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් තිබුණි.

තංගල්ල හා මාතර දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන් විසින් මෙම වැටලිම සිදුකරන අවස්ථාවේ සැකකරු ගංජා ගස් 4000ක ප්‍රමාණයක් කපා වියළීමට සකස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වීය.

එහිදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්නය.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Exit mobile version